Posts
- Get link
- X
- Other Apps
පාසල පිලිබඳ හැඳින්වීම ඉතිහාසය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ව මුලින් ම ආරම්භ වූයේ 1910 වර්ෂයේදී ය. ශිෂ්‍යාවන් අට දෙනකුගෙන් යුතු ඉංග්‍රීසි පාසලක් ලෙස ආරම්භ කරන ලද මෙම පාසල කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ :්1* 79 වැනි කිලෝමීටර කණුව අසළ සුන්දර කඳු ගැටයක් මත පිහිටා ඇත. 1960 දශකයේ පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ පනත යටතේ රජයේ පාසලක් ලෙස 1984 පෙබරවාරි 17 දින ජාතික පාසලක් ලෙස නම් කෙරුණු මෙම පාසල ප්‍රෞඩ ඉතිහාසයකට මෙන්ම කීර්තිමත් වර්තමානයක ට හිමිකම් කියන 1්ඊ ගණයේ ජාතික පාසලකි. ”නව සහශ්‍රයට විශිෂ්ට කාන්තා පරපුරක්” බිහිකිරීමේ සාඩම්බර දැක්මක නිරත වන මෙම විද්‍යාලය කෑගලු දිස්ත්‍රික්කයේ හා සබරගමු පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ අභිමානයට හා ගෞරවයට පාත්‍ර වූ අග්‍රගණ්‍ය ද්ව්භාෂා බාලිකා පාසලකි. පාසල ආරම්භ වී මාස කිහිපයකින් ශිෂ්‍ය සංඛ්‍යාව 32 ක් දක්වා වර්ධනය විය. 1914දී බාලාංශය ආරම්භ වූ අතර 1930 දී කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කේම්බි්රජ් පන්ති ආරම්භ කරමින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම ක්‍රමවත් විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස 1942 වසර වන විට ශිෂ්‍යාවන් සංඛ්‍යාව 400 දක්වා වර්ධනය විය. 1934 කනිෂ්ඨ කේම්බි්රජ් විභාගයට පෙනී සිටි සියලු ශි