පාසල පිලිබඳ හැඳින්වීම

ඉතිහාසය

කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ව මුලින් ම ආරම්භ වූයේ 1910 වර්ෂයේදී ය. ශිෂ්‍යාවන් අට දෙනකුගෙන් යුතු ඉංග්‍රීසි පාසලක් ලෙස ආරම්භ කරන ලද මෙම පාසල කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ :්1* 79 වැනි කිලෝමීටර කණුව අසළ සුන්දර කඳු ගැටයක් මත පිහිටා ඇත.

1960 දශකයේ පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ පනත යටතේ රජයේ පාසලක් ලෙස 1984 පෙබරවාරි 17 දින ජාතික පාසලක් ලෙස නම් කෙරුණු මෙම පාසල ප්‍රෞඩ ඉතිහාසයකට මෙන්ම කීර්තිමත් වර්තමානයක ට හිමිකම් කියන 1්ඊ ගණයේ ජාතික පාසලකි.

”නව සහශ්‍රයට විශිෂ්ට කාන්තා පරපුරක්” බිහිකිරීමේ සාඩම්බර දැක්මක නිරත වන මෙම විද්‍යාලය කෑගලු දිස්ත්‍රික්කයේ හා සබරගමු පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ අභිමානයට හා ගෞරවයට පාත්‍ර වූ අග්‍රගණ්‍ය  ද්ව්භාෂා බාලිකා පාසලකි. පාසල ආරම්භ වී මාස කිහිපයකින් ශිෂ්‍ය සංඛ්‍යාව 32 ක් දක්වා වර්ධනය විය. 1914දී බාලාංශය ආරම්භ වූ අතර 1930 දී කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කේම්බි්‍රජ් පන්ති ආරම්භ කරමින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම ක්‍රමවත් විකාශනයේ ප්‍රතිඵලයක් ලෙස 1942 වසර වන විට ශිෂ්‍යාවන් සංඛ්‍යාව 400 දක්වා වර්ධනය විය. 1934 කනිෂ්ඨ කේම්බි්‍රජ්  විභාගයට පෙනී සිටි සියලු ශිෂ්‍යාවන් සමත්වූ අතර දිවයිනේ විශිෂ්ඨ සම්මාන ලබාගත් අට දෙනාගෙන් දෙදෙනෙක්ම මෙම පාසලට අයත් වූවෝ ය.

විද්‍යාලීය ආරම්භක විදුහල්පතිනිය වූයේ විල්මර් කන්‍යා සොහොයුරියයි. 1965 වර්ෂය දක්වාම විදුහල්පති ධුරය හොබවන ලද්දේ කන්‍යා සොයුරියන් විසිනි.

වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ”පාසල් මවක්” ලෙස හැඳින්විය හැකි කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවෙන් සිප්කිරි ලත් දියණවරුන් ලොව පුරා විවිධ අංශ වල සේවාවන්හි නිරතවෙමින් පාසලින් ලත් ශික්ෂණය විනය හා වැඩ ලෝකයට ඔබින නිපුණතාවන් ප්‍රදර්ශනය කරමින් පාසල් නාමය ජාත්‍යන්තරයට ඔසවා තබන්නට ද හැකියාව ලැබුවෝ වෙති.

පාසලේ අනන්‍යතාව

දැක්ම

” නව සහශ්‍රයට විශිෂ්ට කාන්තා පරපුරක් “

මෙහෙවර

නව සහශ්‍රයේ අභියෝගයන්ට කාර්යක්ෂමව හා ඵලදායී ව මුහුණ දිය හැකි රටට, ජාතියට, ආගමට ජීවය දෙන්නා වූද, අප සංස්කෘතිය අනාගත පරපුරට දායක කිරීමට කැප වූද, විනය ගරුක. නිර්මාණ ශීලි විශිෂ්ටයින් අතර විශිෂ්ට වූ කුසලතාවන්ගෙන් පරිපූර්ණ පරිසර හිතකාමී, වැඩලෝකයට උචිත වනිතාවක්

පාසලේ අරමුණු

නව සහශ්‍රයට විශිෂ්ට කාන්තා පරපුරක් බිහිකිරීම

ගුණාත්මක සමාජ මෙහෙවරක් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට පහසුකම් සැලසීම

ගතිකවූද සංකීර්ණ වූද ගෝලීය සමාජයක අභියෝගවලට මුහුණදිය හැකි අනාගත පරපුරක් බිහිකිරීම සඳහා නිපුණතා පාදක විෂය මාලාව ක්‍රියාකාරකම් තුළින් ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රම ශිල්ප ඔස්සේ ක්‍රියාවට නංවමින් නිර්මාණශීලී දරු පිරිසක් බිහි කිරීම

ජාතික ආගමික සංස්කෘතික හා දේශාභිමානි හර පද්ධතීන් මතු පරපුරට දායාද කළ හැකි විශිෂ්ට කාන්තා පරපුරක් බිහිකිරීම



සිත දමනය යහපත්ය ආදර්ශ පාඨයට අනුව විනයගරුක සෞන්දර්යාත්මක හා නිර්මාණශීලී විශිෂ්ඨයන් අතර විශිෂ්ටයන් වූ කුසලතාවයන්ගෙන් පරිපූර්ණ පරිසර හිතකාමී සිසු පරපුරක් බිහි කිරීම

සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී කාර්යක්ශම ඵලදායි වැඩ ලෝකය හඳුනා ගත හැකි දරු පරපුරක් බිහි කිරීම

දැනුම ඉතා වේගයෙන් වෙනස් වන බැවින් තොරතුරු තාක්ෂණය තුළින් ජාත්‍යන්තර තලය ජය ගත හැකි ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම

පාසලට සම්බන්ධ පාර්ශවයන් ඒකාබද්ධ කර ගැනීම 

යහපත් පාසල් පරිසරයක් සැකසීම


Popular posts from this blog